Friday, September 20, 2024

වෙල්ලාවලි හිදී පුරාවිද්‍යාවේ මායිම් ගල් තැබීමේ මෙහෙයුමට විරෝධය

Must read

මඩකලපුව දිස්ති‍්‍රක්කයේ පඩුවන්ගරෙයි  යටතේ බෝරතිවුපත්තු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැනටමත් හඳුනාගෙන ඇති ස්ථානවල මායිම් ගල් තැබීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳුදා (12) නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. මේ අවස්ථාවේදී එම ප්‍රෙද්ශයේ  ප්‍රදේශවාසීහු එම ස්ථානවලට රැස්වී ඊට අමතරව ඉතා වැදගත් ස්ථානයක් ලෙස සනිටුහන් වන වේලාල්වේලි කල්ලඩිප් පිල්ලියාර් විහාරස්ථානයේ මහා  දානමය පිංකමක් ජනතාව විසින් සංවිධානය කර තිබුණි.

තම ක්‍රියාකලාපයට මහජනතාව සහ මහජන නියෝජිතයන් විරෝධය පළ කරන බව දැනගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුලින්ම වෙල්ලාවලි  පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තිබේ. එම අවස්තාවට  මහජන නියෝජිතයන්, දෙමළ ජාතික සම්මේලනයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අයි.චානක්‍යන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පා.අරියනේතරන්, හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී මා.නඩරාසා බොරතිවුප් දිස්ත්‍රික් සභාවේ උප සභාපති යෝ.රාජනී, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ත්‍යාගරාජා යන මහත්වරු ගියහ. ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මායිම් ගල් තැබීමට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ද සාකච්ඡා පැවැත්විණි.

පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දෙමළ ජනතාවගේ සම්ප්‍රදායික ඉඩම් සලකුණු කර මායිම් ගල් තැබීමට ජනතාව සහ මහජන නියෝජිතයින් විරෝධය පළ කළා. එළැඹෙන පොංගල් දිනයෙන් පසු දිනකදී මේ පිළිබඳව ගම් මට්ටමේ සංවිධාන හා මහජන නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන බවට ගම් මට්ටමේ සංවිධානවලට සහ මහජන නියෝජිතයන්ට දැනුම් දීම අනුව අද ක්‍රියාමාර්ගය අත්හැර දමන ලදී.

මෙම අවස්ථාවට සහභාගි වූ ජනතා නියෝජිතයන් ස්වදේශික දෙමළ ජනතාවගේ පුරාවිද්‍යා ස්ථාන ලෙස හඳුනාගෙන ඇති වෙටුචේනයි සහ වෙල්ලාවේලි කල්ලඩිප්පිලියාර් විහාරස්ථානය වෙත පෞද්ගලිකව ගොස් එහි රැස්ව සිටි ජනතාවට තත්ත්වය පැහැදිලි කළහ. මෙම අවස්ථාවේදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජාතික සංවිධායක සුරෝස් මහතාද එම ප්‍රදේශයට ගොස් මෙම ඉඩම සම්බන්ධයෙන් එහි සිටි ජනතාව සමඟ සාකච්ඡා කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article