පෘතුගිසි යටත් විජිතයක්ව පැවැත් නැගෙනහිර ටිමෝරය 1975 නොවැම්බර් 28 වෙනිදා නිදහස ලැබිය. නැගෙනහිර ටිමෝර නිදහස් අරගලයේ නායකයන් විසින් රජයක්ද ස්ථාපිත කළ අතර එහි විදේශ ඇමති ධුරය ලද රාමෝස් හෝර්තා හට හිමිවිය.
එහෙත් මේ නව රජය පැවතුනේ දින කිපයක් පමණි.
1975 දෙසැම්බර් 07 වෙනිදා ඉන්දුනිසියානු හමුදා විසින් බලහත්කාරයෙන් නැගෙනහිර ටිමෝරය යටත් කරගන්නා ලදි.
එතැන් පටන් 1999 දක්වා කෘරතර පාලනයක් ගෙන ගිය අතර එයට එරෙහිව නැගෙනහිර ටිමෝරයේ කදුකර ප්‍රදේශවල සංවිධානගතව සිටින නැගෙනහිර ටිමෝර ගරිල්ලා ව්‍යාපාරය මෙන්ම ලොව පුරා ගොඩනැගුන ජාත්‍යන්තර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙසින් 1999 මැයි පැවැති ජනමත විචාරණයට මහත් උද්යෝගයෙන් ඡන්දය දුන් නැගෙනහිර ටිමෝර ජනයා පවසා තිබුනේ ඉන්දුනිසියානු පාලනය එපා යැයි කියාය,
ඉන්දුනිසියාවේ ම්ලේජ් පාලනය හමුවේ නැගෙනහිර ටිමෝර ජනයාගෙන් තුනෙන් එකක් පමණ එක්කෝ කුසගින්න නිසා නැතිනම් ඝාතන නිසා මිය ගොස් තිබුන අතර කිසිවෙකු මිය නොගිය නිවසක් එහි නොවිය යැයි ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
ටිමෝර නිදහස් අරගලය ගැන ලෝකයේම ඇස් ඇරවුන සිදුවිම බවට පත්ව තිබුනේ නොවැම්බර් 12 වනදා නැගනෙහිර ටිමෝරයේ දිලි නගරයෙද් සාන්ත කෘෘස් සුසාන භුමියේදි සිදුව සමුල ඝානයයි.
අවමංගල්‍යයක පැමිණ සිටි සිටි පිරිසකට ආමානුෂික ලෙස ඉන්දුනිසියානු හමුදාව විසින් කළ වෙඩි තැබිමේ සිදුවිම එහි සිටි නිර්භිත විදෙස් මාධ්‍යවේදින් විසින් විඩියෝගත තිබුන අතර ඒ විඩියෝ පට ඉතාමත් රහසිගත ලෙසින් නැගෙනහිර ටිමෝරයෙන් එළියට ගෙන යාමටද ඉතාමත් සුක්ෂම ලෙසින් කටයුතු කර තිබුණි.
ලොව පුරා ඇස් ඇරවු තිරාණාත්මක සන්දිස්ථානය වි තිබුනේ මෙම විඩියෝ පටයයි
නැගෙනහිර ටිමෝරය නිදහස් කරගැනිම සදහා ලොව පුරා ශක්තිමත් ලෙසින් පැතිර ගිය ජාත්‍යන්තර සහයෝගිතා ව්‍යාපාරයට ලංකාවේ ප්‍රගතිශිලි සමාජ ක්‍රියාකාරින්ගේ ද සහය ලැබි තිබුණි. තෙවන ලොව මිතුරෝ සංවිධානය 1994 සිට ලංකාව තුල විරෝධතා ව්‍යාපාරයක් අරභා තිබුණි. ඔවුන් විසින් අනිවාර්යෙන්ම ටිමෝරයට නිදහස ලැබෙන තුරු සෑම දෙසැම්බර් 07 වෙනිදාකම ශ්‍රිලංකාවේ පිහිටි ඉන්දුනිසියානු තනාපති කාර්යාලයට ඉදිරිපිට විරෝධතා සංවිධානය කිරිමටද පියවර ගෙන තිබුණි.