“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි
මෙි වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන්න සූදානම් විය යුතු යැයිද මැතිවරණ කොමිසමේ නිලධාරීනුත් ඩබල් ගේම් දැයි සැකයක් තිබෙන බවද නලින් බණ්ඩාර ප්රකාශ කරන්නට යෙදුණි
මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පැහැදිලිවම බලය තියෙන බවද
ජනාධිපති දෙන නියෝග අනුව නොව මැතිවරණ කොමිසමේ බලතල අනුව ක්රියාත්මක වෙන්නැයි ඉල්ලා සිටින බවද නලින් බණ්ඩාර අවාධාරණය කර තිබේ.
මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ස්වාධීන පුද්ගලයෙකු නොවන බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ ය.
ඔහු ප්රකාශ කළේ, නිමල් පුංචිහේවා මීට පෙර කුමන පක්ෂවලට සහය දුන්නේ ද යන්න තමන් දන්නා බව ය.
ඒ අනුව, ඔහු ස්වාධීන පුද්ගලයෙකු නොවන බවද මැතිවරණ කල් දමන්නේ කාගේ වුවමනාව වෙනුවෙන් ද යන ප්රශ්නයට පිළිතුරු දිය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්රීවරයා සඳහන් කළේ ය.