Friday, May 3, 2024

අමරණීය ගී රැසක් දායාද කළ හේම ශ්‍රී ද අල්විස් මහතා ජීවිතයෙන් සමුගනියි …

Must read

ශ්රී ලංකේය ගීත සාහිත්යයට අමරණීය ගී රැසක් දායාද කළ ගේය පද රචක
හේම ශ්රී ද අල්විස් මහතා ජීවිතයෙන් සමුගෙන තිබේ.
මියයන විට ඔහුට වයස 81 ක් විය.
මැණිකේ ඔබේ සිනාවේ.
දෑස පා සිනා කියන රහස තේරුණා.
මධු සඳෙන් තවත් සුපුන් සඳක්.
නෙත් යුග රන් තරු.
සුදු සඳ රැස් ගලන.
ශ්රීණි විභූෂිත ලංකා
සීත වනමල් පෙතේ..
කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක..,
දුනුකෙයියා මලක් වගේ
මාගේ මේ රට.
සඳක් නැගී සඳක් ගිලෙයි.
ඇතුළු ගීත 2000 කටත් වඩා
රචනා කළ ඔහු කාලයක් වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රයේ ද නිර්මාණ රචකයෙකු ලෙස සේවය කළේය.
1977 සිට 1997 දක්වා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙසද කටයුතු කළේය.
හේම ශ්රී බිරිය වූයේ ගායිකා අයිරින් ද අල්විස්ය. ඇය ද ගුවන් විදුලියේ ඒ ශ්රේණියේ ගායිකාවක වූ අතර දෑස පා සිනා, සඳ වගෙ ලස්සන රූපිකා, ඔබෙයි මගෙයි මධුර පෙම් අතීතේ, වසුන්දරා,ආදරේට නැද්ද ලෝකේ ආදරය වැනි හේම ශ්රී අතින්ම ලියැවුණ ජනප්රිය ගීත ගායනය කර තිබුණි.
1969 විවාහ වූ ඔවුනට පුතුන් තිදෙනෙක් සිටී. අයිරින් ද අල්විස් මහත්මිය ද 2018 වසරේදී ජීවිතයෙන් සමුගත්තාය
පසුගිය දිනෙක සිරස මගින් සජ්ජායනා වැඩ සටහන හරහා හේම ශ්රී ද අල්විස් නම් මේ සොඳුරු මිනිසාගේ ගේය පද රචනා ගැන කතා බහක් සිදු කිරීම සිදු කෙරින
හේම ශ්රී ද අල්විස් මහතාගේ දේහය
අංක 50/9, මැද පාර, තල්පිටිය උතුර, වාද්දුව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා දින (5) සවස 4 ට තල්පිටිය සුසාන භූමියේදී සිදු කෙරේ.
මේ අසහාය ගේය පද රචකයාට කලාකරුවාට
නිවන්සුව ලැබේවා !!
ගජයා෴ ✍️
02|12|2022
සේයාරුව සමන් කාරියවසම් ගෙනි
Di
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article