Saturday, November 23, 2024

අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් මුලතිව් හි ජන ජීවිතය අඩාල වේ

Must read

මුලතිව් දිස්ත්‍රික්කයට අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල ගංවතුර ජලය එකතැන පල්වෙමින් පවතී.මේ හේතුවෙන් දෛනික ජන ජීවිතය අඩාල වී ඇති අතර පහත් බිම්වල ජනතාවගේ නිවෙස්වලට හා වෙළෙඳසල්වලට ගංවතුර ජලය ඇතුළු වී ඇති අතර නිසි කාණු පද්ධතියක් නොමැතිකම හේතුවෙන් ගංවතුර බැස ගොස් නොමැත.

දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල ගංවතුරෙන් හානි සිදුව ඇති අතර, පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ නිසි කාණු පද්ධතියක් නොමැතිකම හේතුවෙන් වෙළඳසැල් සහ නිවාස ජලයෙන් යටවී තිබේ. මීට වඩා දිගින් දිගටම වර්ෂාව පවතින අතර මේ තත්ත්වය තවදුරටත් පැවතුණහොත් තවත් හානි සිදුවීමේ අවදානමක් පවතී.

විශේෂයෙන්ම නිවාස වල ඉදිකිරීමේ කටයුතු අතරමග නවතා තාවකාලික නිවාසවල ජීවත්වන පවුල් මෙම අධික වර්ෂාවෙන් පීඩාවට පත්ව සිටිති.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article