විවිධ විරෝධතා මැද ජර්මනියේ Hamburg වරායේ ආයෝජන අවස්ථාවක් චීනයට හිමිවී තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ ආයෝජනය සඳහා චීනයට හිමිවී ඇත්තේ වරායේ අඩු කොටස් ප්‍රමාණයක් බවය.
ඒ අනුව Hamburg වරායේ එක් පර්යන්තයක කුඩා ප්‍රමාණයක අයිතිය හිමි කරගැනීමට චීනයේ COSCO සමාගමට අවස්ථාව හිමිවී තිබේ.
මේ අතර ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ ජර්මනිය චීනය සමග මෙම ආයෝජනයන් සඳහා ගිවිසුම්ගතව ඇත්තේ එරට පාර්ශ්ව රැසකගේ විරෝධය මධ්‍යයේ බවය.
චීනයට එරෙහිව එල්ලවන ප්‍රබලම චෝදනාව වන්නේ ඔවුන්ගේ ක්‍රියාකලාපය හරහා රටවල අභ්‍යන්තර ආරක්ෂාව ඇතුළු කටයුතුවලට බලපෑම් එල්ලවෙන බවටය.
(අද දෙරණ)