Monday, September 14, 2026
spot_img

ඉරානයේ බිහිසුණු වෙඩිතැබීමක්

Must read

ඉරානයේ ෂිරාස් නගරයේ පල්ලියක් තුළ සිදුකළ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පුද්ගලයින් තිදෙනෙකු විසින් අදාළ දේවස්ථානයේ රැඳී සිටි වන්දනාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරයේ වගකීම අයි.එස්.ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article