Saturday, September 21, 2024

පාසිකුඩා වෙරළ තීරයේ අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත්කරයි

Must read


පාසිකුඩා  වෙරළ තීරයේ අපවිත්‍ර වූ ප්‍රදේශ හඳුනාගෙන පිරිසිදු කිරීමේ කටයුතු  පසුගිය 02 වනදා  පෙරවරුවේ සිදු කෙරුණා.
වෙරළ තීරයේ එක්රැස් වූ කසළ මේ ආකාරයට ඉවත් කළේ  MEPA සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසිනි.  රොක්ලන්ඩ් ස්වේච්ඡා සේවකයන් විසින් ඒ සදහා  අනුග්‍රහය දක්වයි.
මෙම කාර්යය සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරී සී.තයාරූබන්, රොක්ලන්ඩ් ස්වේච්ඡා සේවකයන්ගේ සම්බන්ධීකාරක පාලින්ද පෙරේරා යන මහත්වරු සහභාගි වූහ.
මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් මෙම කටයුත්ත සිදු කිරීම සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරි සී.තයාරූබන් මහතා කිලෝමීටර් 25ක් පමණ දුරින් පාසිගුඩා ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් පැමිණ සිය රාජකාරිය සිදු කර ඇත.

රුද්‍රා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article