Tuesday, November 5, 2024

‘කළ නොහැකි දේ කරමු ‘

Must read

කළ නොහැකි දේ කරමු

වර්තමානයේ රට මුහුණ දී සිටින අසාමාන්‍ය ඉන්ධන හිඟය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශාන්ත මයිකල් විද්‍යාලයීය බාලදක්ෂ අංශය විසින් පාපැදි පෙළපාලියක් අද (2022.06.04) අද දින මඩකලපුවේදී පවත්වන ලදී.

රටතුළ දැනට පවතින අසාමාන්‍ය තත්ත්වය මගහරවා ගැනීමට සහ පාපැදි ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම උත්සවය පැවැත්විණි.

මෙම පාපැදි සවාරිය ආරම්භ කරනු ලැබුවේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙව්මැදුරේ පියතුමා වන  සර්ගුණ නායගම් සහ ශාන්ත මයිකල් විද්‍යාලයේ අතරප්පා පියුස් ආනන්දරාජා යන අය විසිනි. දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් වී.ප්‍රදීපන් සහ සහකාර කොමසාරිස් ජේ. ක්‍රිස්‍රි යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


කළ නොහැකි දේ හැකිතාක් තබමු යන තේමාව යටතේ පැවති පාපැදි සවාරියේදී බාලදක්ෂ සිසුන්, කණ්ඩායම් නායකයින් සහ බාලදක්ෂ ගුරුවරුන් එක්ව සමාජය දැනුවත් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

පෙරවරු 8.00 ට ශාන්ත මයිකල් විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ පාපැදි සවාරිය ප්‍රධාන මාර්ගය ඔස්සේ මඩකලපුව ඔරලෝසු කණුව වෙත පැමිණ ගල් පාලම පසුකර කාත්තන්කුඩියේ සිට ආරයම්බති දක්වා පැමිණ එතැන් සිට නැවතත් ශාන්ත මයිකල් විද්‍යාලය දක්වා ගමන් කරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article