Saturday, September 21, 2024

වසර 3කට පසු විශාල ජනතා සහභාගීත්වයෙන් නැගෙනහිර ප්‍රදේශවල රාමසාන් සැමරේ

Must read

වසර 3කට පසු අම්පාර දිස්ත්‍රික්කයේ මරුතමුනේ මුහුදු තීරයේදී ඊද් යාඥාව අද (3) පෙරවරු 6.15 ට පැවැත්විණි. එම මෙහෙයන් අක්බාර් ජුම්මා මස්ජිදයේ අනුග්‍රහය යටතේ සිදුකෙරිණි. එහිදී ආචාර්ය අෂේක් එම් එල් මුබාරක් මදනි යාඥා මෙහෙයවමින් ප්‍රධාන දේශනය පවත්වන ලදී. එයට පිරිමි සහ කාන්තා සහභාගි වූහ.

මීට සමගාමීව නාර්පිටිමුනෙයි කල්මුණේ සම්මන්තුරේ, නිනාවුර්, අක්කරපත්තු , පොතුවිල් ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවල ඊද් යාඥාවන්ද බහුලව පැවැත්විණි.

වසර තුනකට පසු මෙම ප්‍රදේශවල ඊද් යාඥාවට දස දහස් ගණනින් ජනතාව සහභාගි වූහ. එයට හේතුව පසුගිය කාලයේ, කොරෝනා තර්ජනය ඇතුළු විවිධ හේතු නිසා ඊද් යාඥාවන් ර වලට විවිධ සමාවන් පැනවී තිබීමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article