.
ඕමල්පේ සෝභිත හා රජවත්තේ වප්ප වැනි අන්ත ජාතීවාදී භික්ෂූන්ට පොදුජන අරගල භූමියක වැජඹීමට ඉඩ සැළසීම අතිශය පිළිකුල් සහගතය. රට මෙවැනි අගාධයකට පත්වීමට රාජපක්ෂලාට සමානව ම මේ ජාතිවාදී භික්ෂු කහ රෙදි කන්දරාවද වගකිය යුතුය. මොවුන් මුල සිටිම චම්පික රණවකලා සමග එකතුව අවැසි විට විමල් වීරවංශලා සමඟද අතවැල් බැඳ රාජපක්ෂලා රජුන් කරවීමට සිය ජාතීවාදී අදහස් ඇති හැකි පමණින් භාවිතා කළහ. රටේ යුධෝන්මාදය ඇති කරවා දෙමළාට කෙළවීමේ මුර දේවාතාවන් වූයේ ද මෙම චීවරධාරීන්ය. ඇත්තටම රාජපක්ෂලාට තවමත් කඩේ යන ඉත්තෑකන්දෙ සද්ධාතිස්ස වැනි චීවරධාරීන් සහ මේ පිරිස අතර කිසිම වෙනසක් නැත. සියල්ලෝම වපුරන්නේ අසික්කිත ජාතිවාදයම පමණි. මොවුන්ගේ වෙනස අවස්ථාවාදය සහ මේ මොහොතේ ඇති ගෝඨාභය විරෝධය පමණි. (මට මතක විදියට රංජන් ට උසාවිය මගින් දඬුවම් කර හිරේ දැමීමට උසිගැන්වූ එක් චිවරධාරියෙක් වූයේද ඕමල්පේය)
.
මේ කණ්ඩායම මට අනුව නම් හූ කියා එළවිය යුතු සත්ව කොට්ඨාශයකි.
(මහේෂ් මුණසිංහගේ ෆේස්බුක් පිටුවෙනි)
.