Saturday, September 21, 2024

පකිස්තාන රජය පෙරළයි ! ඉම්රාන් කාන් ඉවතට! අළුත් අගමැති කෙනෙක් !

Must read

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (9) රාත්‍රී පැවැති විශ්වාස භංග යෝජනාව සම්මත වීමෙන් ධුරයෙන් ඉවත් තිබේ.ඒ ඊයේ දිනය පුරා පැවැති අවිනිශ්චිත දේශපාලන වටපිටාව මධ්‍යයේයි.

ඊයේ පෙරවරුවේ පකිස්තාන පාර්ලිමේන්තුව රැස්වූයේ අදාල විශ්වාස භංග යෝජනාව වෙනුවෙන් වුවත් එය ඉදිරිපත් කිරීම අවස්ථා කීපයකදී කල් දැමිණ.

පසුව යෝජනාව පිලිබඳ ඡන්ද විමසීම පැවැත්වුණේ රාත්‍රී 10ට පමණ ය.

ඒ වනවිට පකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට ඉම්රාන් ඛාන් චූදිතයෙකු කිරීමේ සැලසුමක් ද විය.

ඒ මෙම විශ්වාස භංග යෝජනාව මීට සතිකීපයකට පෙර ඉදිරිපත් වූ අවස්ථාවේ එය කල් දැමීමට කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී බව පවසමින් ලබා දී තිබූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා කටයුතු කරන බවට ඉඟි පලවීම හේතුවෙනි.

මේ නිසා ඉස්ලාමාබාද් නුවර ප්‍රධාන අධිකරණය රාත්‍රී 10ට විවෘත කෙරිණ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රාත්‍රී 9 ට පමණ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවූ අතර ඔහු ඉන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගිය බව වාර්තා විය.

විශ්වාස භංග යෝජනාව පිලිබඳව ඡන්ද විමසීම ආරම්භ වුණේ ඉන් පසුවයි.

ඒ අනුව මන්ත්‍රීවරු 342න් සමන්විත සභාවේ බහුතර ඡන්ද සංඛ්‍යාව ක් ලෙස 174  ක් ලබා ගැනීමට එරට විපක්ෂය සමත් විය.

………

මෙලෙස අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් පහ කල පසු එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක  Shehbaz Sharif පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.

ඔහු පකිස්තානයේ ප්‍රධාන විපක්ෂය සන්ධානය මෙහෙයවමින් මෙම ක්‍රියාදාමයේ පෙරමුණේ සිටි අයෙකි.

පාකිස්තාන මුස්ලිම් ලීගයේ නායකයාද වන ශරීෆ් , මීට පෙර අවස්ථා තුනකදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයට පත් නවාස් ශරීෆ් ගේ බාල සොහොයුරායි.
මුලාශ්‍රය – නිව්ස්වයර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article