Friday, November 22, 2024

සජබටත් කුණු බිත්තර ප්‍රහාරයක්

Must read

ඇතුළුකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ  ප්‍රධාන කාර්‍යාලයට මීට මොහොතකට පෙර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ඇතුළු පිරිසක්  පක්ෂ කාර්යාලය ඉදිරිපිට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට සිදුකල විරෝධතාවයට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව පක්ෂ මහලේකම්වරයා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article