පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්දයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මගින් රාජකාරිය පැහැර ඇරීම ඇතුළු චෝදනා එල්ල වී සිටි හිටපු ආරකෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
නාමල් බලල්ලේ,ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගය ගැණුනි.
මෙම නඩුව ගොනු කිරීමට පෙර නීතිපතිවරයාට ඒ සම්බන්දයෙන් දෙවරක් සිතා බැලිය යුතුව තිබූ බව සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මොහොමඩ් ඉෂර්ඩීන් මහතා පවසා ඇත. එමෙන්ම සිය තීන්දුව ප්‍රකාශයට පත්කල විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ තීරණ ගැනීම ඇතින් විත්තිකරු අසරණ තත්වයක පසුවූබව ඉදිරිපත් වූ සාක්ෂි වලින් පෙනී යන බවයි