ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජාතියේ අඟුරු දිනයයි! යන තේමාවෙන් මුල්ලිවයික්කාල් අනුස්මරණ මළුවෙන් විරෝධතාවයක් ආරම්භ විය
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජාතියේ අඟුරු දිනයයි! යන තේමාවෙන් මුල්ලිවයික්කාල් අනුස්මරණ අංගනය අසලින් දැවැන්ත විරෝධතාවක් දියත් කර තිබේ. උතුරු නැඟෙනහිර අතුරුදන් වූවන්ගේ ඥාතීන්, උතුරු නැඟෙනහිර සිවිල් සංවිධාන ඇතුළු සියලුම ජනයා මේ විරෝධතාවයට එකතුවී ඇති අතර මුල්ලිවයික්කාල් අනුස්මරණ අංගණයෙන් ආරම්භ වී රැලිය මුලතිව් දෙසට ගමන්කරන ලදී.
උතුරු නැඟෙනහිර පළාතේ දිස්ත්‍රික්ක අටක ආගමික නායකයන්, අතුරුදන්වූවන්ගේ ඥාතීන්, දේශපාලන නායකයන්, සමාජ ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ සාමාන්‍ය ජනතාව මෙම අරගලයට එක්ව සිටිති.