බර වාහන පටවාගෙන යාමෙන් හානියට පත් පුලිපයන්ත කල් ප්රධාන මාර්ගය ප්රතිසංස්කරණය කිරීමට ප්රදේශයේ ජනතාව සහ මහජන සංවිධාන එක්ව කටයුතු කරන ලෙස ඉල්ලා මඩකලපුව ග්රාන් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට එරෙහිව පසුගිය 06 වනදා ප්රදේශවාසීන් විරෝධතාවයක නිරත විය. ගමනාගමනයට නුසුදුසු මෙම මාර්ගය දීර්ඝ කාලයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පැවති අතර මේ වන විට මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින නමුත් මෙතෙක් මාර්ගය ප්රතිසංස්කරණය කර නොමැති බව ජනතාව කනස්සල්ලට පත්ව සිටිති.
මේ සම්බන්ධයෙන් දිස්ත්රික්කය නියෝජනය කරන දේශපාලඥයින් සහ පරිපාලකයින්ගේ දැඩි අවධානයක් යොමු කර මාර්ගය සහ පාලම ප්රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා සිටිති.
රුද්රා