Saturday, September 21, 2024

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කිරිපිටි මිල ප්‍රකාශයට පත් කරයි

Must read

කිරිපිටි සදහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය විසින් තීරණය කිරීමත් සමඟ කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කිරිපිටි අලෙවි කළ යුතු නව මිල ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එම මිල ඉහළ දැමීමත් සමග ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 1,300ක උපරිම මිලකට අලෙවි කිරීමට නියමිතය.

එමෙන්ම ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් ලෙස මිල ඉහළ දැමීමට මේ වන විට තීරණය කර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 520කි.

මෙලෙස තීරණය කරන ලද මිලගණන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමට පියවර ගන්නා බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසූ අතර ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මුදල් අමාත්‍යංශය විසින් යම් බදු පැනවීමක් සිදුකළ හොත් එම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article