Tuesday, November 5, 2024

සිරකරුවන්ට තර්ජනය කළ ඇමති එලියේ , පහනක් පත්තුකළ මන්ත්‍රී අත්අඩංගුවට

Must read

ඊයේ (23 ) යාපනයේදී සාමාකාමී ලෙස තිලීපන් සමරුව ඉදිරිපිට පහනක් දැල්වීමට සූදානම්වූ  දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතාව යාපනයේ පොලීසිය විසින් එ මොහොතේදීම අත්අඩංගුවට ගන්නා ලදී. දැනට සති කීපයකට පෙර බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අනුරාධපුර බන්ධනාගාරයේදී දුවිඩ දේශපාලන සිරකරුවන් වෙත පිස්තෝලය එල්ල කරමින් තර්ජනය කළ බව වාර්තා වූ අතර, මේ සම්බන්ධයෙන් කිසිදු පොලීසියක් ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වුයේ නැත. ඉන් පසුවද අද වෙනතෙක් ඔහුට නීතියෙන් දඩුවම් ලබාදුන්නේ නැත. එමෙන්ම කිසිදු අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භවීද නැත. ක්‍රියාව වෙනුවෙන් ජනාධිපතිවරයා ගේ ඉල්ලීම මත යැයි පැවසෙන පරිදි ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වූ අතර ඔහු කළ වරදට දඩුවමක් ලැබී නොමැත. ලංකාවේ පොලීසිය දඩුවම් කරන්නේ ජාතිවාදය පදනම් කරගෙන, ද්වේෂසහගතව බව ඊයේ සෙල්වරාසා මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හොදින්ම ප්‍රදර්ශනය විය. එක රටක් එක නීතියක් තිබෙන්නේ කොහේද යන්න ඇත්තටම ගැටලුවකි. පුරවැසියන් ලෙස අපට තමන්ගේ රට ගැන ලැජ්ජාවිමට කාරණා කොතෙක් තිබුණත් , මේ ආකාරයට නීතිය අසමානව ක්‍රියාත්මක වීම යනු ලැජ්ජාවීමටත් එහා ගොස් මේ රට ජීවත්වීමටත් සුදුසු රටක් නොවන බව හැගෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article