Saturday, November 23, 2024

අවදානම පාලනය කරන්න සති 3 කටවත් රට වහන්න !

Must read

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී රට පුරා සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා වෛරසයේ බලපෑම සහ දිනෙන් දින වැඩි වන කොරෝනා මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන පවතින් තත්වය පාලනය කිරීම සඳහා තවත් සති 3 ක් වත් රට වසා තැබිය යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන බව ලංකා ටෲත් වෙබ් අඩවිය සදහන් කරයි .

එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසන්නේ මේ මොහොතේ රටේ තත්වය අතිශය අවදානම් බවයි. එම තත්වය පාලනය කිරීම සඳහා අවම වශයෙන් තව සති 3 ක කාලයක් වත් රට වසා තැබිය යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පවසා තිබුණි.

ඔහු මේ අවදානම් තත්වය ගැන කියා තිබුනේ පවතින තත්වය හමුවේ නිවැසියන් පවා එකට හිද කෑම ගැනිම පවා නොකළ යුතු බවය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අගවා තිබුනේ මිය යන ගණන 10000 කින් වත් අඩුකරගැනිමට නම් සැප් 18 වනදා දක්වාවත් රට වසා තැබිය යුතු බවය.

ඒහෙත් රටකරවන දේශපාලකයන් කියා සිටින්නේ රට වසා දමා ඉදිරියට යාමට නොහැකි බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article