Tuesday, November 5, 2024

කොවිඩ් එන්නත් ලබාගත් මව්වරුන්ගේ මව්කිරිවල COVID19ට එරෙහි ප්‍රතිදේහ අඩංගු බව පර්යේෂණයකින් හෙලිවෙයි

Must read

COVID-19 එන්නත ලබා ගත් කිරි දෙන මව්වරුන්ගේ මව්කිරි වල කොවිඩ්19 වෛරසයට එරෙහිව සැලකිය යුතු ප්‍රතිදේහ ප්‍රමාණයක් අඩංගු වන අතර එමඟින් මව්කිරි බොන ළදරුවන් කොවිඩ්19 ආසාදනයෙන් ආරක්ෂා කර ගත හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මව්කිරි දීම පිළිබදව වන වෛද්‍ය විද්‍යා සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම පර්යේෂණයෙන් හෙලිවී ඇත්තේ කොවිඩ්19 එන්නත්කරණය සිදුකර ගැනීම මගින් ගර්භනී සහ කිරි දෙන මව්වරුන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වීම හේතුවෙන් මව සහ දරුවා දෙදෙනාම වෛරසයට එරෙහිව ආරක්ෂා කර ගත හැකි බවයි.

මේ සම්බන්දයෙන් පර්යේෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ. පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට ළදරුවන් ඉපදෙන විට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල බැවින් මෙම ආසාදනයනට එරෙහිව තනිව සටන් කිරීමේ හැකියාවක් ඔවුන්ට නොමැති බැවින් හා එන්නත් ලබාගත් මව්වරුන්ගේ මව්කිරිවල SARS-CoV-2 ට එරෙහිව ප්‍රතිදේහ සැලකිය යුතු ලෙස වර්ධනය වීම සිදුවන බැවින් මව්කිරි හරහා ළදරුවන් තුල SARS-CoV-2 ට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ඇති කල හැකි බවයි.

එන්නත්කරණය මගින් සිරුර තුල වර්ධනය වන ප්‍රතිදේහ ප්‍රමාණය වෛරසය ස්වාභාවික ආසාදනයකින් පසු නිරීක්ෂණය කළ ප්‍රතිදේහ මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතින බවද මෙම පර්යේෂකයන් පෙන්වා දෙයි.

New Indian Express හි පලවූ ලිපියක් ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article