තමා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා, එසේ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය.
නිරෝධායනය සඳහා පස්සර ප්‍රදේශයට රැගෙන ගිය පිරිසක් රැගත් බස් රියක් නැවත හැරවීමට තමා කටයුතු කල බවට වන චෝදනා අසත්‍ය බවත්, කිසිම පුද්ගලයකු දින 14ක නිරෝධායනයට ඇඳිවත පිටින් රැගෙන යෑම අසාධාරණ බවත් වීරසේකර මහතා පවසයි.