Saturday, September 21, 2024

අද සිට සංචරණ සීමා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා

Must read

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි මැයි මස 31 වැනිදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා සංචරණ සීමා අද (17) සිට ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

එසේ වුවත් රාජකාරී කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැඳුනුම්පතේ අවසන්වන අංකයට අනුව බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

හැඳුනුම්පත් අංක ක්‍රමයට වුවද පුද්ගලයන්ට නිවසෙන් පිටවී යාමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණක් බවත්, එමෙන්ම  පළාත් මායිම් හරහා ගමන් කිරීමට පැමිණෙන පුද්ගලයන් අද සිට අවවාද කිරීමකින් තොරව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article