Friday, September 20, 2024

සුමන්තිරන්ට සපයා තිබු STF ආරක්ෂාව ඊයේ රාත්‍රියේ සිට ඉවත් කරලා ……

Must read

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය  ප්‍රකාශක  පාර්ලිමේන්තු මන්ත්‍රි  එම්. ඒ සුමන්තිරන් වෙත ලබාදී තිබුණු විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඊයේ (07) රාති‍්‍රයේ සිට හදිසියේම ඉවත් කර ඇති බව මන්ත්‍රීවරයා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මෙලෙස විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඉවත්කරන බවට කිසිදු පෙර දැනුම්දීමක් සිදු නොකෙරුණු බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසු බවද වැඩිදුරටත් එහි සදහන්ය.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් ලැබෙන පොලිස් ආරක්ෂාව එයාකාරයෙන්ම හිමිව තිබේ

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පැවති පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා පාගමන අවසානය දක්වාම සුමන්තිරන් මන්තී‍්‍රවරයා සහභාගී විය. විශේෂ ආරක්ෂක අංශයට ද එම පාගමනට මන්ත්‍රීවරයා සමඟ එක්වීමට සිදුවිම පිළිබඳ සොයා බැලීමක් සිදු කිරීමට මෙලෙස ඔහුගේ විශේෂ ආරක්ෂාව ඉවත් කර ඇති බව ලංකාදිප පුවතේ දැක්වේ .

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article