Friday, September 20, 2024

ඉන්දියාව ලබාදුන් ඇ.ඩො.මිලියන 400 යළි ඉල්ලයි

Must read

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ‘හුවමාරු ණය’ (SWAQ) ඉන්දියාවට වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

ඒ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පමණක් සංවර්ධනය කරන බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කර පැයක පමණ කාලයක් ඇතුළතය.

කොවිඩ් වසංගතයෙන් දැඩි බලපෑමට ලක්වූ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට හා රටේ මූල්‍ය ස්වාධීනත්වය සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම ලබාදීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව (RBI) සමග ගිවිසුම් අත්සන් කරන ලද්දේ 2020 ජූලි මාසයේදීය. මෙම ණය පහසුකම 2022 වසරේ නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් ‘අරුණ’ කරන ලද විමසීමකදී මෙම පුවත හෙතෙම තහවුරු කළේය. එසේම මෙම ණය මුදල් ආපසු ගෙවීමට සිදුවන්නේ අදාළ කල්පිරීමේ දිනයේ පවතින ඩොලරයේ අගය බැවින් ණය මුදල මේ මොහොතේ ලබාදීමට සිදුවුවහොත් සැලකියයුතු අතිරේක මුදලක් ගෙවීමට සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

 

(අදදෙරණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article