Friday, September 20, 2024

නැගෙනහිර ජන විරෝධයට පොලිසියෙන් බාධා …..

Must read

පොතුවිල්  සිට යාපනයේ පොලිකන්දි  දක්වා පැවත්වීමට නියමිත දින තුනක විරෝධතා මාලාව අද (3) උදෑසන  පොලිස් බාධක මැද  අම්පාරේ පොතුවිල් නගරයේ සිට ආරම්භ විය.

පොලීසිය විසින් මෙම විරෝධතාවය නැවැත්වීම සදහා පෙර සිටම අධීකරණ නියෝග  ලබාගෙන තිබුණ

දමිළ මුස්ලිම් සහ වතුකරයේ ජනයා මුහුණ දෙන ප්‍රධාන ගැටළු කිපයක් මුල්කරගෙන ඇරඹි මෙම විරෝධතාවයට මුස්ලිම් ජනයාද එක්ව තිබිම වඩාත් විශේෂ කරුණක් විය.
හෙට දිනයේදිද මුස්ලිම් ජනයා බහුලව වාසය කරන ප්‍රදේශවලදි තවත් මුස්ලිම් ජනයා මෙම විරෝධතාවයට එක්වෙනු ඇතැයි අප හා අදහස් දක්වා සිටි නැගෙනහිර ක්‍රියාකාරින් පවසා සිටියෝය.

මෙම විරෝධතාවය උතුරු හා නැගෙනහිර සිවිල් සමාජ සංවිධාන, මහජන සංවිධාන සහ දෙමළ ජාතික පක්ෂවල ඒකාබද්ධතාවයෙන්  සංවිධානය කර තිබුණ අතර අවස්ථා ගණනාවකදිම පොලිසිය සහ හමුදාව මේ විරෝධාතාකරුවන්ගේ බැනරි පවා උදුරාගැනිමට උත්සාහ කරමින් දැඩි මර්ධනයක් එල්ල කර තිබුණි.
කෙසේ වෙතත් හෙට දිනයේද තවත් උද්යෝගයෙන් යුතුව විරෝධාතවය දියත් කරනු ඇතැයි එහි සංවිධාකයෝ පවසා සිටිති


සටහන සහ ඡායා- දේවා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article