Saturday, November 23, 2024

විශ්වවිද්‍යාල Z score ගැටළුව ගැන සලකා බැලීම ලබන සදුදා

Must read

මෑතකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කරන ලද විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අනුව විශ්ව විද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සදහා සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන සඳුදා (21) සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

මෙම පෙත්සම් එස්. තුරෙයිරාජා ,  බුවනෙක අළුවිහාරේ, සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (16) දින යළි සලකා බැලීමට නියමිතව තිබුණත් උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුවීම හේතුවෙන් ඊයේ දින අධිකරණ කටයුතු නොපැවැත්වීම හේතුවෙන් ලබන සදුදා දිනයේදී මෙම පෙත්සම් සලකා බැලීමට තීන්දු කර ඇත.

මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ 2019 වසරේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටීමෙන් පසු සමත්  වූ සිසුන් හතළිස් දෙදෙනෙකු විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article