Friday, November 22, 2024

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස , දෙමළ කතා කරන රජයේ සාමාජිකයින් , සාමූහිකව ඉල්ලයි

Must read

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස දෙමළ කතා කරන රජයේ සාමාජිකයින් අධිකරණ අමාත්‍යවරයා හමුවී සාමූහිකව ඉල්ලීමක් සිදුකර තිබේ.
දිගු කලක් රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස පාලක පක්ෂයේ දෙමළ කතා කරන සාමාජිකයින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගෙන් ඉල්ලා තිබේ. මේ සම්බන්ධව ලිපියක් අද (05)  අමාත්‍යවරයාට භාර දෙන ලදී.
පාර්ලිමේන්තු කමිටුවල නියෝජ්‍ය සභාපති අංගජන් රාමනාදන්, විදේශ අමාත්‍ය විජයන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කැතර් මාස්තාන් සහ මරුතාපන්ඩි රාමේෂ්වරන් යන මහත්වරුන් විසින් මෙම ලිපිය අධිකරණ අමාත්‍යවරයාට භාර දෙන ලදී.
දිගු කලක් රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ව  නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. රජය නියෝජනය කරන සුළු ජාතීන්ගේ  නියෝජිතයන් ජනාධිපතිවරයා සමඟ රැස්වීමක් සංවිධානය කරන්නේ නම්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නීතිපති ඇතුළු සියලු පාර්ශ්වයන්ට ආරාධනා කළ හැකි බව අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවහොත් මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත හැකි බව අමාත්‍යවරයා පවසන ලදි.
එපමණක් නොව, නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් රජයේ දෙමළ කතා කරන සාමාජිකයින්ගේ ස්ථාවරය ද සැලකිල්ලට ගත යුතු අතර, මේ සම්බන්ධයෙන් ලිඛිත අදහස් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
සිරකරුවන් නිදහස් කිරීම පමණක් නොව සුළුතර ජනතාව මුහුණ දෙන විවිධ ගැටළු ද ජනාධිපතිවරයා වෙත ගෙන යාම සඳහා දෙමළ කතා කරන රජයේ සාමාජිකයින්ගේ සන්ධානයකට නායකත්වය දෙන ලෙස ද  අධිකරණ අමාත්‍ය අලි සබ්රිගෙන් මෙම පිරිස ඉල්ලා සිටියේය. ඇමතිවරයා ඊට එකඟ වී තිබේ.


දේවා

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article