ඒල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ 66 වන උපන්දිනය වෙනුවෙන් සිය ෆේස් බුක් පිටුව හරහා සුබ පැතුම් එක්කළ පුද්ගලයන් 4 දෙනෙකුව ඊයේ (26) වනදා රාත්රියේදී මඩකලපුව, එරාවුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්රභාකරන්ගේ ඡායාරූප ෆේස්බුක් පිටුවේ පළකිරිමත් සුබපැතීමත් පදනම් කර ගනිමින් රජයේ සේවකයෙකු ඇතුළු රන් ආභරණ ව්යාපාරික ආයතනය කරන සේවකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන දින 3ක් පොලිස් භාරයේ රදවා තබා ඇත. පොලීසිය පවසන්නේ ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනිම් සිදුකළ බවයි. මේ අතර ප්රභාකරන්ගේ උපන්දිනයට ෆේස්බුක් පිටු හරහා සුබපැතුම් එක් කළ පුද්ගලයන් 90 කගේ තොරතුරු ඇති බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට පියවර ගනිමින් සිටින බවත් පොලීසිය පවසයි.
දේවා