Saturday, September 21, 2024

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනේදී විරෝධතාවයක්

Must read

ඡායාරූපය උපුටාගැනීම – jaffnazone.com

දිගු කලක්පුරා  සිරගතව සිටින  දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික ජනතා පෙරමුණ (ටී.එන්.පී.එෆ්)  පසුගිය 30 වනදා  යාපනයේ මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධාවයේ නිරතවූහ.

දෙමළ ජාතික මහජන පෙරමුණේ (ටීඑන්පීඑෆ්) ආධාරකරුවන් යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට පෙළ ගැසී සිරගෙවල්වල රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සටන් පාඨ ඉදිරිපත් කළහ.

” දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම”, “වනජීවී දෙපාර්තමේන්තුවේ වාඩිලෑමට විරුද්ධ වීම ත්‍රස්තවාදයක්ද?”, “ගංජා ජාවාරම නැවැත්වීමට උත්සාහ කරන උදයසිවම් ත්‍රස්තවාදියෙක්ද?” යන සටන් පාඨ විරෝධතාකරුවන්ගේ සටන්පාඨ විය.

දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වරාසා ගජේන්ද්‍රන්, පළාත් පාලන සභාවේ සාමාජිකයින් සහ දෙමළ ජාතික මහජන පෙරමුණේ ආධාරකරුවන් රැසක් මෙම විරෝධතාවයට සහභාගී වූහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article