Saturday, September 21, 2024

ආනමඩුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට

Must read

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ ආනමඩුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ  ස්ථානාධිපතිවරයා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී එම රථය පාලනයෙන් ගිලිහී ගොස් ආණමඩුව ඔරලෝසු කණූවේ ගැටීමෙන් සිදුවූ  රිය අනතුරකින් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති, උපපොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක නැමැති 38 හැවිරිදි,නිකවරටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පොලිසියට ලැබුණු තොරතුරක් මත ගවයන් ප්‍රවාහනය කරන රථයක් පසුපස හඹායාමේදී මෙම අනතුර සිදුව ඇති බව ආණමඩුව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article