විභාග අපෙක්ෂකයින් හා විභාග කාර්යය මණ්ඩල සඳහා විභාග ශාලාවෙත පැමිණීමේ දී නිරෝධායන ඇඳිරිනීතිය බාධාවක් නොවන බවත්,නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි.
එසේම නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන ප්‍රදේශවල විභාග කාර්යය මණ්ඩලය සඳහා විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේය.