Friday, September 20, 2024

තිලීපන් සමරා සැප් 26 යාපනයේ උපවාසයක් ! සැප් 28 හර්තාලයක් !

Must read

ඉන්දියන් හමුදාව උතුරු නැගෙනහිරින් ඉවත්විය යුතු බව ප්‍රධාන ඉල්ලීමක් කරගනිමින්  1987 වසරේ සැප්තැම්බර් 15 වනදා යාපනයේ නල්ලූර් කෝවිල අසලදී  අරඹි උපවාසය තිලීපන් දින 11 කට පසුව සැප් 26 වනදා  සිය මරණයත් සමගින් කෙලවර කළ අතර දේශපාලන අරමුණක් වෙනුවෙන් උපවාසයක් කොට ලංකාව තුල මිය එකම ක්‍රියාධරයා බවටද මේ අනුව ඔහු ඉතිහාසගතවිය.
තිලීපන් ජීවිතය පූජා කළ මෙම දිනය සැප්තැම්බර් 26 වනදාට සැමරිම වෙනුවෙන් උපවාසයක් පැවැත්විමට  දෙමළ දේශපාලන පක්ෂ 10ක්  විසින් එකාබද්ධව යෝජනාවක් සම්මතකර තිබේ.
ඒ අනුව උපවාසය මේ මස 26 වනද පැවැත්විමට එහිදි තිරණය කොට තිබුණි.
එමෙන්ම උතුරු නැගෙහිර පුරාම ක්‍රියාත්මක හර්තාලයක් පැවැත්විමට සැප්  28 වනදා යොදාගෙන තිබේ.
මෙම උපවාසයට  සහයෝගය දක්වන ලෙස සිවිල් සංවිධාන,වෘත්තීය සමිති මෙන්ම තවත්  දේශපාලන කණ්ඩායම් වලට ද ආරාධනා කර ඇත.සුපුරුදු පරිදි යාපනය පොලිසිය විසින් මෙම උපවාසයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන ලබාගෙන ඇත.කෙසේ වෙතත් මෙම  උපවාසය පැවැත්වීමට නියමිතව ඇත්තේ යාපනයේ තොන්ඩමන්ආරු හී ‘සෙල්වසන්නදී’ දේවාලය අසලදීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article