Friday, September 20, 2024

ඉපැරණි පිළිමයක් සඟවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Must read


මඩකලපුවේ වාලච්චේනේ  විනයගපුරම් හි නිවසක ඉපැරණි පිළිමයක් සඟවා තැබූ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිළිමය තොප්පිගල ප්‍රෙද්ශයේ නීතිවිරෝධී හෑරීමකින් සිදුකර සොයාගෙන ඇති බවට පොලීසිය සැකකරයි. මෙම වැටලීම කල්කුඩා පොලීසියේ සහකාර පොලිස් අධිකාරී ජී.එස්. ජයසුන්දර ගේ මඟ පෙන්වීම යටතේ එස්.ජේ. සම්පත්ගේ නායකත්වයෙන්  වීරසිංහ, අශෝක්, සේනාදීරා, ගෝපිනාත් සහ බියන්ගරා යන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

කල්කුඩා පොලිස් ස්ථානාධිපති ආර්.යූ. චන්දනකුමාර මහතා පැවසුවේ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article