Saturday, September 21, 2024

මත්තලට ගුවන්යානා ගොඩබැස්සවීම නොමිලේ

Must read

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් අනුව මත්තල ගුවන්තොටුපොළේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරකට අත්හිටුවා තිබේ. මත්තල ගුවන්තොටුපොළට ජාත්‍යන්තර ගුවන් යානා ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව සංචාරක අමාත්‍යංශය පවසයි.

ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම්වලදී උපරිම පිටත් වීමේ බර මෙට්‍රික් ටොන් 1 ක් සඳහා අය කෙරෙන ගොඩබැස්සවීමේ ගාස්තුව ඩොලර් 4 කි.ගුවන් යානා නතර කිරීමේ ගාස්තුව ගොඩබැස්සවීමේ ගාස්තුවෙන් 10% ක් වන බවද අමාත්‍යංශය සදහන් කරයි.

මීට අමතරව මත්තල ගුවන්තොටුපොළේ ගුවන්තොටුපොළ අපනයන බද්ද අය කිරීම වසර 02 ක් සඳහා සම්පූර්ණයෙන් ම අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ.ඊට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි ව ඇතැයි අමාත්‍යාංශය පැවසුවේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article