Friday, September 20, 2024

තරුණ පිරිමි දරුවන් අතර HIV ආසාදිතයන්ගේ වැඩිවීමක්

Must read

දිවයින පුරා වාර්තාවන එච්.අයි.වී ආසාදිතයන්ගෙන් 30%ක් වයස අවුරුදු 19 – 25ත් අතර වයසේ පසුවන පිරිමි දරුවන් බවත් ඒ අනුව තරුණ දරුවන් අතර එච්.අයි.වී. ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

මේ අතරින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් මෙම පිරිමි ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව එම වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.

මේ සම්බන්දයෙන් කල සොයා බැලීමේ වලදි හෙලිවී ඇත්තේ පාසල් පද්ධතියෙන් ඇතිවන පිරිමි-පිරිමි අතර අනාරක්ෂිත ලිංගික හැසිරීම් පිළිබඳ චර්යාවන් පෞද්ගලික පන්ති සහ විශ්වවිද්‍යාල ඇතුළතදී තව තවත් වර්ධනය වීම නිසා එච්.අයි.වී. ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන බවයි.එමෙන්ම ඇතැම් අවස්ථාවන වලදී පිරිමින් විවාහ වීමෙන් පසුවද මෙවැනි අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලට යොමුවී ඇති බව අනාවරණය වී ඇත.

විද්‍යාත්මක ප්‍රක්ෂේපණ අනුව 2020 වසර වන විට මෙරට එච්.අයි.වී. ආසාදිතයන් 3600ක් පමණ සායනවල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබා ගත යුතු බව අධ්‍යක්ෂවරිය අනාවරණය කළාය. දැනට 2000කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ. ලියාපදිංචි නොවී සිටින ආසාදිතයන් 1600ක් තමන් ආසාදිතයකු බව නොදැනම සමාජයේ අන් අය සමග මුහුවෙමින් සිටීම මගින් නිරෝගී පුද්ගලයන්ටද මෙය ආසාදනය විය හැකි බව ඇය පෙන්වා දෙයි.

මෙම හේතු මත දහවැනි වසරේ සිට ලිංගික අධ්‍යාපනය ලබාදෙමින් එච්.අයි.වී. පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ඇය කියා සිටී.

 

(මූලාශ්‍රය – අරුණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article