Friday, September 20, 2024

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න බැහැ – අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

Must read

කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම අත් හිටුවමින් අභියාචනාධිකරණය අද (25)අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

මෙම අතුරු තහනම් නියෝගය මෙම පෙත්සම් විභාගය
අවසන් වන තෙක් බලපැවැත්වේ.තවද පෙත්සම්කරුවන් පරීක්ෂණ අතරතුර අත්අඩංගුවට ගැනීමක් නොකරන ලෙසට පොලීසියට නියෝග කළ අභියාචනාධිකරණය ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත නොකරන ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කරන ලදී.

කෙසේවෙතත් පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සදහා මෙම නියෝග බාධාවක් නොවන බව අභියාචනාධිකරණය දැනුම් දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article