Friday, September 20, 2024

අලින්ට ඇටවූ විදුලිය ගොවීන්ට මරු කැඳවයි

Must read

  වල් අලින්ට සවිකරන ලද  විදුලිය වැදීමෙන්  මඩකලපුවේ උන්නෙච්චෙයි  කරවෙට්ටියාරු ප්‍රදේශයේ ගොවින් දෙදෙනෙකු ජූලි 02 වනදා මිය යන ලදී. මේ වනවිට වන අලි වැඩියෙන්ම මිය යන රටක් ලෙස ලංකාව හැඳින්වෙන අතර  අලි – මිනිස් ගැටුම උග්‍ර අතට හැරී ඇති බවට මෙම මිය යාම් විසින් මනාව ඔප්පුකර තිබේ. මෙසේ විදුලි සැර වැදීමෙන් මියගොස් ඇත්තේ ගොවීන් දෙදෙනෛකි.එක් අයෙකු 58 හැවිරිදි කයියා මුනිතාමි චං දරුවන්  05 දෙනෙකුගේ පියෙකි. 51 හැවිරිදි චින්නතම්බි මනිවාන්නන් දරුවන් 07 දෙනෙකෙුගේ පියෙකි. වගාබිමකට පැමිණෙන අලින් බියවැද්දීම සදහා වැටට විදුලිය සම්බන්ධ කර තිබී ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම වැටට විදුලිය සවිකර ඇත්තේ නීති විරෝධී ආකාරයට බවයි. එබැවින් මෙම මරණය සිදුවී ඇති ආකාරය ඉතාම  අවාසනාවන්තය.  ජීවත්වීම වෙනුවෙන් මෙම දුප්පත් මිනිසුන් සිදුකරන අරගලය මදිවාට ඔවුන්ගේ ජීවිතආරක්ෂාව පිළිබදව මතුවී ඇති දීර්ඝකාලීන ගැටළුව මේ වනතෙක් කිසිදු රජයකට විසදීමට හැකියාවක් ලැබී නොමැත. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මඩකලපුව අයිතිමලෛයි පොලීසිය විසින් සිදුකරනු ලබයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article