(10.47am) ඊයේ (03 ) සවස කල්මුණේ සෙනෙයිකුඩිරිප්පු ප්‍රදේශයේ පාසල් දරුවෙකු අවාසනාවන්ත අනතුරකට මුහුණ දෙන ලදී. ඊයේ සවස එම ප්‍රෙද්ශයේ වැලි හාරන ස්ථානයක මෙම දරුවා සෙල්ලම් කරමින් සිට ඇති අතර ඒ අසල වැලි හාරමින් සිටි විශාල බැකෝ යන්ත්‍රයකට ඔහු යටවී තිබේ. වයස අවුරුදු 10ක වියැති ‘ යාදර්සන් ‘ නොසිතූ ලෙස මෙම අනතුරට මුහුණ පා ඇති අතර මෙම රථයේ රියදුරාගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබේ. බැකෝ යන්ත්‍රෙය් විශාල රෝදයකට යටවූ යාදර්සන්ගේ ජීවිතය බේරාගැනීමට නොහැකිවූ අතර එම අනතුරින් ඔහු මියයන ලදී. මෙම සිදුවීම සිදුවී ඇත්තේ කල්මුණේ පොලිස් කොට්ටාශය තුළදීය.
මියගිය ජදර්සන් ශ්‍රේණියේ කල්මුනෙයි දුරයිවාන්තියෙමඩු දෙමළ මාධ්‍ය පාසලේ පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අතර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටියේය.