Friday, September 20, 2024

MCC සමාලෝචන වාර්තාව අද ජනපතිට

Must read

සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව අද(25) ජනාධිපතිතුමාට භාරදීමට නියමිතව තිබේ.අදාළ වාර්තාව ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාට භාර දීම සිදුවිය.

ගිවිසුම සමාලෝචනය කල කමිටුවේ සභාපති වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කටයුතු කල අතර සෙසු සාමාජිකයන් වශයන් ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී.එස් ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන් කටයුතු කලේය.

විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් මාස 6 ක අධ්‍යයනයකින් පසු කමිටුව මෙම වාර්තාව සකස් කර  ඇති අතර එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article