Tuesday, November 5, 2024

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය නිසා මානසික සෞඛ්‍යය ගැන අලුත් කතාබහක්

Must read

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමග මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් යළිත් වරක් සංවාදයක් මතුවෙමින් තිබේ.

34 හැවිරිදි සුෂාන්ත් මුම්බායිහි ඔහුගේ නිවසේදී මරණයට පත්ව සිටියදී ඉරිදා (ජූනි 14) සොයා ගැනුණු අතර එය සියදිවි නසා ගැනීමක් බව පොලිසිය සැක කරයි.

මෙම ප්‍රවෘත්තිය සැලවීමත් සමග සිනමා රසිකයින් සහ බොලිවුඩ් නළු නිළියන් සංවේගය පළ කළ අතර, එම අදහස් මානසික සෞඛ්‍යය සහ විෂාදය පිළිබඳ සාකච්ඡාවලට පරිවර්තනය වන්නට විය.

තමන් විෂාදයෙන් පීඩා විඳි බව ප්‍රසිද්ධියේ හෙළි කළ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පැවසුවේ, මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවය.

“කතා කරන්න. සන්නිවේදනය කරන්න. ඔබේ හැඟීම් කියන්න. උදව් ලබා ගන්න,” ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබා තිබිණි. “මතක තබා ගන්න, ඔබ තනිවෙලා නැහැ. අපිත් ඔබ සමග ඉන්නවා. වැදගත්ම දේ අපට බලාපොරොත්තුවක් තියෙනවා.”

(theleader)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article