ඊයේ (22) දිනයේදි පාකිස්ථාන ගුවන්සේවයට අයත් ගුවන්යානයක් කරච්චි නුවර ජනාකීර්ණ කඩාවැටීමෙන් සිදුවූ අනතුරෙන් යානයේ ගමන්ගත් 92ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වෙයි.
අනතුරු සිදුවීමට මොහොතකට පෙර යානයේ එන්ජින් දෙකෙහිම බලය නැතිවූ බව පවසමින් නියමුවා ගුවන් පාලක මෙහෙයුම් මැදිරිය වෙත පණිවිඩයක් නිකුත් කර ඇත.යානය ගොඩබැස්සවීමට ගත් දෙවන ප්රයත්නයේදී යානය කඩා වැටුන බව සිදුවීමෙන් දිවි ගලවාගත් පුද්ගලයෙකු සදහන් කර ඇත. යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටීම හේතුවෙන් එම ප්‍රදේශවල නිවැසියන් 25 දෙනෙකු පමණද සිදුවීමෙන් තුවාල ලබා ඇත.
ගුවන් යානය අනතුරට ලක්වීමට පෙර යානයේ ගුවන් නියමුවා හා පාලක මැදිරිය අතර සිදුවූ සංවාදය මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිදහස් වී ඇත.