Friday, September 20, 2024

ජුනි 20 මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගිකව අපහසුයි-මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

Must read

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දි තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසා ඇත්තේ මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත් සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත්ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article