Friday, September 20, 2024

කොවිඩ් ගැසට් එකට සෞඛ්‍ය ඇමතිනීගේ අත්සන නැහැ – නිලධාරීන් ගැටලුවක

Must read

1879 අංක 3 දරන නිරෝධායන රෝග සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතේ කොවිඩ් 19 සඳහා වූ නියෝග පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබුණත්  මෙම ගැසට් නිවේදනය නීති කෙටුම්පත් කර සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කර ඇතත් මෙතෙක් ඊට අත්සන් තබා නොමැති වීම හේතුවෙන් තමන්ට ගැටලු වලට මුහුණ දීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එසේ හෙයින් තම රාජකාරී සදහා අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදීමට සෞඛ්‍ය ඇමතිවරිය කටයුතු නොකරන්නේ නම් මෙම සතියේදී කොවිඩ් 19 රාජකාරිවලින් ඉවත් වන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවා ඇත.

මෙම ගැසට් නිවේදනය මගින් කොවිඩ් 19 රෝගියකු විමර්ශන කිරීම, පාලනය කිරීම, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, රෝහල්ගත කිරීම, මාතෘ ශරීර සඳහා සිදුකරන නෛතික ක්‍රියාමාර්ග නිවැරදිව ගැසට් කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසියට බලතල ලබාදීම  සිදුවන අතර ඒ සම්බන්දයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ඊයේ (17) යොමුකල ලිපියකද සදහන් බවත්,මින් පෙර අමාත්‍යවරයි හා පැවැති සාකච්ඡාවකදීධ මේ සම්බන්දයෙන් අමාත්‍යවරිය  දැනුවත් කල බවත් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article