Friday, September 20, 2024

whatsapp ඔස්සේ පෞද්ගලික තොරතුරු රැස් කිරීමේ ජාවාරමක්

Must read

“Goverment Providing Free Laptop For Youth” යන නමින් නොමිලේ ලැප්ටොප් පරිගණක ලබාදෙන මුවාවෙන් වට්සැප්  හරහා මේ දිනවල පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සිදුවන බව  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇති බව එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ පවසයි.“Goverment Providing Free Laptop For Youth” නමින් මෙය ක්‍රියාත්මක වීම හේතුවෙන් බොහෝ පුද්ගලයන්ගේ පුද්ගලික දත්ත මෙම කණ්ඩායම සතුවිය හැකි බව රජීව් යසිරු කුරුවිටගේ මහතා පවසයි.
 http://order.freelaptops . site/ නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවන අතර මෙලෙස විවිධ දෑ නොමිලේ ලබාදෙන මුවාවෙන් සිදුකරනු ලබන තොරතුරු රැස්කිරීම් ක්‍රියාවලින් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article