Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

ස්වර්ණවාහිනියේ පස්දෙනෙක් කොරෝනා PCR පරීක්ෂණයට

Must read

messenger sharing button
කටුනායක  ගුවන් හමුදා කඳවුරේ  ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සේවය කළ කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ නිලධාරියා ඇසුරු කළ

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවය කරන පස්දෙනෙකු පීසීආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බව anidda.lk වාර්තා කරයි.

එම පුවත්පතේ මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත්ගේ එම පුවත් වාර්තාවට අනුව, පීසීආර් පරීක්ෂණවලට යොමු කළ නිලධාරීන් 5 දෙනා අතර වේෂ නිරූපණ ශිල්පියෙකුද සිටියි.

අප්‍රේල් 12 වන දින යුද හමුදා සංගීත කණ්ඩායමෙන් මෙහෙයවන ලද සංගීත වැඩසටහනක් මාධ්‍ය ආයතනයේ පටිගත කර ඇති බවත් ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සාමාජිකයන් 2ක්, නාවික හමුදා සංගීත කණ්ඩායමේ සාමාජිකයන් 2ක් සහ පොලිස් සංගීත කණ්ඩාමේ නිලධාරීන් කිහිපදෙනෙක් එම සංගීත වැඩසටහනේ ගීත ගායනා කර ඇති බවත් වාර්තා වේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ ගෙන් කළ විමසීමකදී කොවිඞ්-19 ආසාදනය වූ ගුවන් හමුදා නිලධාරියා එම වැඩසටහනට සහභාගි වූ බව තහවුරු කළේය.

කොරෝනා වෛරසයට (Covid-19) පැතිරයාමත් සමග මාධ්‍යවේදීන්ගේ ජිවිත ද බරපතල අවධානමකට ලක්ව තිබේ. ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක කොරෝනා සිද්ධීන් ගැන වාර්තාකරණයේ යෙදුන මාධ්‍යවේදීන්කිහිප දෙනෙකුම  කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article