ඊයේ (26)දිනය තුලදී කොවිඩ් 19 ආසාදිතයන් 63 දෙනෙකු හදුනාගැනීමත් සමග දිනක් තුලදී හදුනාගත් වැඩිම කොවිඩ්19 ආසාදිතයන් ගණන ඊයේ වාර්තා විය. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුලු ආසදිතයන් ගණන 523කි.
ඊයේ දිනයේදී හදුනාගත් ආසාදිතයන් 63 දෙනාගෙන් 53 දෙනෙකුට වැලිසර නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කල නිලධාරීන් වන අතර 16 දෙනෙකු කදවුර තුලින්ද 37දෙනෙකු කදවුරෙන් පිටතදීද හදුනාගත් බව යුධහමදාපතිවරයා සදහන් කලේය.
ඒ අනුව කොළඹ,කළුතර,ගම්පහ,කුරුණෑගල, කෑගග්ල, බදුල්ල, අනුරාධපුර, රත්නපුර,අම්පාර, වව්නියාව, ත්රිකුණාමලය, මාතර හා පොළොන්නරුව දිස්ත්රික්ක වලින් කොවිඩ්19 ආසාදිතයන් වාර්තා වී තිබේ.