Friday, November 22, 2024

රජයේ අපේක්ෂාව වන්නේ හැකි ඉක්මනින් කොවිඩ් 19 උවදුර මෙරටින් තුරන් කිරීම – සෞඛ්‍ය ඇමති

Must read

රජයේ අපේක්ෂාව වන්නේ හැකි ඉක්මනින් කොවිඩ් 19 උවදුර මෙරටින් තුරන් කිරීම බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මේ වන විටත් අවධානම් කණ්ඩායම් හදුනාගනිමින් රෝගය පාලනය කිරීම සඳහා නිසි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන බව ඇය සදහන් කරයි.

නමුත් සමස්ථලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්⁣නේ රජය විසින් නිරෝධායනයට ලක්කර ඇති පිරිස් පමණක් PCR පරීක්ෂණයට ලක්කරන බැවින් නිරෝධායන පිරිස් අතරින් පමණක් ආසාදිතයන් වාර්තාවීම සිදුවිය යුතු බවයි. නමුත් ඒ ඔස්සේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත රෝගය ආසාදිතයන් නොසිටින බවට තීරණය කිරීම අනුවණ ක්‍රියාවක් බවත් එම සංගමය පවසයි.

කෙසේ වෙතත් ඊයේ දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමම තවදුරටත්ලසමාජය තුල රෝගීන් සිටිය හැකි බවට සාක්ෂි සපයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article