Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

බෝපිටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට

Must read

ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී

පසුගිය සෙනසුරාදා (04) බෝපිටිය පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් එම අවස්ථාවේදී බෝපිටිය පොලීසියේ සේවයේ නියතුව සිටි 10 දෙනෙකුගෙන් යුත් නිලධාරින් පිරිසක් වෙනත් ස්ථානයක ස්වයං නිරෝධායනයකට ලක් කිරිමට කටයුතු කළ බව වත්තල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.බෝපිටිය පොලිස් ස්ථානයද  වත්තල සෞඛ්‍ය සේවා කාර්යාලයේ මෙහෙය විමෙන් ජිවානුහරණය කර ඇත.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයා පසුගිය සෙනසුරාදා රාත්‍රීයේ (04) ජා ඇල බෝපිටිය පොලිස් වසමට අයත් වත්තල ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට ඇතුල් වී සොරකමේ යෙදි සිටියදී හසුවී ප්‍රදේශයේ පිරිසක් ඔහුට පහර දී පොලීසියට භාර දී ඇති බව වාර්ථා වෙයි.ඉන්පසු තුවාල ලබා සිටි සැකකරු රාගම රෝහලට ඇතුලත් කර ඇති අතර එහ්දී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇත.

මෙම ආසාදිත පුද්ගලයා ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article