පසුගිය දිනක බීබීසී මාධ්‍ය ආයතනයේ මාධ්‍යෙව්දිනියක් වන මිෂෙල් හුසේන් විසින් නොබෙල් ත්‍යාග ලාභී බුරුම හිටපු විපක්ෂ නායිකා අවුන් සාන් සුකී සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී බුරුමයේ සුළුතරයක් වන රෝහින්ගා මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන පීඩාවන් පිළිබඳව ප්‍රශ්නය ‘සුකී‘ වෙත යොමු කරන ලදී.
එයට පිළිතුරු දීමේදී ඇයගේ හැසිරීම තුළ යම් කෝපකාරී ස්වරූපයක් දිස්වූ බව එම මාධ්‍ය විසින් මතුකොට ඇති අතර එම සම්මුඛ සාකච්ඡාව අවසානයේදී අවුන් සාන් සුකී සංවිධායකයන් වෙතින් විමසා ඇත්තේ ‘තමා සමඟ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන මාධ්‍යෙව්දියා මුස්ලිම් බව තමන්ව දැනුවත් නොකළේ මන්ද යන්නයි.
මියන්මාරය හෙවත් බුරුමය තුළ ගෙනගිය හමුදා පාලනය තුළ එරට සිවිල් වැසියන් දහස් ගණනින් පිටුවහල් වූ අතර විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එරට සිරගෙවල් තුළ සිරගත වූ අතර පිටුවහල්ව සිය දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදුණහ. හමුදාව අතින් පීඩාවට පත්වූ එරට ජනතාව අතර සුළුතරයක් වූ තවත් ජාතීන් කීපයක් වූහ. බෞද්ධ බහුතරයක් වන බුරුමයේ මුස්ලිම් ජාතිකයන් 4 % තරම් සුළුතරයකි. බෞද්ධ ජනතාව තුළ මෙම මුස්ලිම් ජාතිකයන් අතර අර්බුදකාරී තත්ත්වයන් පවතින අතර ඔවුන් මියන්මාරයෙන් පලා යති. බෝට්ටු වල නැගී මියන්මාරයෙන් පලාගොස් මුහුදේ අතරමංවූ රෝහින්ගා ප්‍රජාව අසල්වැසි රටවල් වලින් පිහිට ඉල්ලා සිටින්ට වූහ.
ඔවුන්ගේ පිරිසක් පසුගිය අවුරුදු වල දී ලංකාවට පැමිණ දේශපාලන රැකවරණ ලබමින් ජීවත්වෙති.
බුරුමය තුළ ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී වටපිටාව විසින් වඩාත් පීඩාවට පත්වන්නේ ‘රෝහින්ගා’ ප්‍රජාව වැනි සුළු ජාතීක ප්‍රජාවන් කිහිපයක් බව අද යථාර්තයකි.
මෙම ප්‍රශ්නයේදී අවුන් සාන් සුකී ඇතුළු ඇයගේ දේශපාලන ප්‍රවාහය කටයුතු කරන ආකාරය පිළිබඳවද දේශපාලන විවේචනයක් පවතී. එ් රටතුළ තවමත් ස්ථාවර වී නැති ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීමේදී රටේ බහුතරයක් වන බෞද්ධ ජාතිකයන් සහ සුළුතරය අතර ඇති ගැටුම් පිළිබඳව නිවරදි ස්ථාවරයක් නොදැරිම සම්බන්ධයෙන් බුරුමයේ නිදහස වෙනුවෙන් ක්‍රියාකාරී වන නිදහස් මතධාරීන් විසින් සුකීට විවේචන එල්ල වේ.
ඉහත කී සම්මුඛ සාකච්ඡාවේදී ද එම මාධ්‍යෙව්දීනිය විසින් මෙම මුස්ලිම් ප්‍රජාව විශාල වශයෙන් මුහුණ දෙන බරපතල තත්ත්වය පිළිබඳව අවුන් සාන් සුකී වෙතින් විමසන ලදී.