පාසල් නිවාඩු කාලය තුළ නිවාස වල සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108)ඔස්සේ e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට පසුගිය 23වනදා සිට හැකියාව පවතී.
e තක්සලාව වෙත පිවිසෙන සියලු පාසල් දරුවන්ට විෂය ක්‍රියාකාරකම්, ප්‍රශ්න පත්‍ර සහ පෙළපොත් ආශ්රිත අභ්‍යාස ඇතුළු ඉගෙනුම් ක්‍රියාවලියට අත්වැලක් වන පාඩම් මාලා රැසක් සමග එක්වීමට මෙමගින් අවස්ථාව හිමිවෙයි.